ටොලමි VII නියොස් ෆිලොපේටර් (ග්‍රීක: Πτολεμαῖος Νέος Φιλοπάτωρ, Ptolemaĩos Néos Philopátōr "ටොලමි, සිය පියාගේ නව ආදරණීයයා") යනු ටොලමයික යුගයට අයත් ඊජිප්තු රජකෙනෙකි. ඔහුගේ රාජ්‍ය සමය මතභේදාත්මක අතර, ඇතැම්විට ඔහු රාජ්‍ය පාලනය නොකළා ද විය හැක. ඇතැම්විට ඔහුට මරණින් පසුව රාජකීය ගෞරවයක් ලබා දෙන්නට ඇත. ඔහු ටොලමි VI ෆිලොමේටර් සහ ඊජිප්තුවේ දෙවන ක්ලියෝපැට්රාගේ පුත්‍රයායි.
ටොලමි VII නියොස් ෆිලොපේටර් | |
---|---|
Πτολεμαῖος Φιλοπάτωρ Iwaennetjerwymenkhwy Setepptah Userkare Sekhemankhamun | |
ඊජිප්තුවේ රජ | |
ආර්සිනෝයි III | |
පූර්වප්‍රාප්තිකයා | ටොලමි VI ෆිලොමේටර් |
අනුප්‍රාප්තිකයා | ටොලමි VIII ෆිස්කන් |
පියා | ටොලමි VI ෆිලොමේටර් |
මව | ඊජිප්තුවේ දෙවන ක්ලියෝපැට්රා |
උපත | ක්‍රි.පූ. 2වන සියවස |
මරණය | ක්‍රි.පූ. 2වන සියවස |
සටහන්
- ටොලමිවරුන් අංකනය කිරීම නූතන සම්මුතියකි. ග්රීකවරුන් ඔවුන් වෙන්කර දැක්වූයේ විරුද නාමය (උදා. "ෆිලොපේටර්") හෝ පටබැඳි නාමය (උදා. "ඕලිටිස්") ආධාරයෙනි. මෙහි දක්වා ඇති අංකය වර්තමාන එකඟත්වය අනුව යෙදුණකි. නමුත් දහනවවන සියවසේ දී, පසුකාලීන ටොලමිවරුන් රාජ්‍ය කරන අයුරින් ගිණිය යුතු බවට වාදවිවාද ඇති විය. පැරණි මූලාශ්රවල අංකය එකක් අඩුවෙන් හෝ වැඩියෙන් දක්වා ඇති හෙයින්, දෙන ලද ටොලමිවරයකු හඳුනාගැනීමට භාවිත කළ හැකි විශ්වසනීයම ආකාරය විරුදය ආශ්‍රය කර ගැනීමයි.
අශ්‍රේයයන්
- Clayton (2006) p. 208.
බාහිර සබැඳි
- Ptolemy VII Neos Philopator entry in historical sourcebook by Mahlon H. Smith
හත්වන ටොලමි නියොස් ෆිලොපේටර් උපත: ? මරණය: ක්‍රි.පූ. 144 | ||
පූර්වප්‍රාප්තිකයා ටොලමි VI | (ඊජිප්තුවේ පාරාවෝ) ක්‍රි.පූ. 145–144 ටොලමි VI සහ ක්ලියෝපැට්රා II සමග | අනුප්‍රාප්තික ටොලමි VIII සහ ක්ලියෝපැට්රා II |