වර්ණකුලසූරිය පටබැඳිගේ උෂාන්ත ජෝසෆ් චමින්ද වාස් (1974 ජනවාරි 27 දී උපත ලැබීය) ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන අතර ඔහු රටෙන් මතු වුණ හොඳම වේග පන්දු යවන්නා ලෙස සලකනු ලැබේ. BBC ගුවන් විදුලි සේවයෙහි විශේෂ ටෙස්ට් තරඟ සඳහා සංඛ්‍යාලේඛනඥ සහ ලකුණු ගණන් බලන්නෙකු වන අනුව ඔහුගේ අදහස වන්නේ චමින්ද යනු ඔහුගේ අවසන් නම වන අතර එම නිසා ඔහුගේ නමෙහි මුලකුරු WPUJC ලෙස කියවිය යුතු බවය. 2004 වර්ෂයේ දී ඔහු ICC කුසලාන සමාරම්භක උළෙලේ දී ලෝක ටෙස්ට් ශූරතා සහ එක්දින XI තරග සඳහා තෝරා ගනු ලැබීමෙන් සිය දක්ෂතා සඳහා නමක් දිනා ගත්තේය. ඔහු නැවත වතාවක් 2005 ත්‍යාග ප්රදානයේ දී ලෝක ටෙස්ට් XI ශූරතා තරඟය සඳහා තෝරා ගනු ලැබුණි.
![]() | ||||
පුද්ගලික තොරතුරු | ||||
---|---|---|---|---|
සම්පූර්ණ නම | Warnakulasuriya Patabendige Ushantha Joseph Chaminda Vaas | |||
අපනාමය | Vasy | |||
උස | 5 අඩි 10 අඟල් (1.78 m) | |||
පන්දුවට පහර දීමේ ශෛලිය | Left-handed | |||
පක්දු යැවීමේ ශෛලිය | Left arm | |||
භූමිකාව | Opening Bowler | |||
ජාත්‍යන්තර තොරතුරු | ||||
ජාතික කණ්ඩායම | ||||
ටෙස්ට් මංගලාවතරණය (වරම ) | 26 August 1994 සඳහා ට එරෙහිව | |||
අවසාන ටෙස්ට් තරගය | 20 July 2009 සඳහා ට එරෙහිව | |||
එදිජා මංගලවාතරණය (cap ) | 15 February 1994 v | |||
අවසාන එදිජා තරගය | 27 August 2008 v | |||
එදිජා කමිස අංකය. | 22 | |||
Domestic team information | ||||
වසර | කණ්ඩායම | |||
1990/91– | ||||
2003 | ||||
2003/04 | ||||
2005 | ||||
2007 | ||||
2007/08-2009/10 | ||||
2010–2012 | (squad no. 6) | |||
වෘත්තීමය සංඛ්‍යායන | ||||
තරගාවලිය | Test | |||
තරග | 111 | 322 | 227 | 412 |
රැස්කල ලකුණු ගණන | 3,089 | 2,025 | 6,223 | 3,220 |
24.32 | 13.68 | 25.82 | 16.59 | |
100s/50s | 1/13 | 0/1 | 4/29 | 0/8 |
වැඩිම ලකුණු ගණන | 100* | 50* | 134 | 76* |
යැවීම් | 23,438 | 15,775 | 41,266 | 19,411 |
කඩුලු | 355 | 400 | 772 | 506 |
29.58 | 27.53 | 24.64 | 26.63 | |
කඩුලු 5 | 12 | 4 | 34 | 4 |
තරගයකදී කඩුලු 10 | 2 | n/a | 4 | n/a |
හොඳම පන්දු යැවීම | 7/71 | 8/19 | 7/28 | 8/19 |
පන්දු ඇල්ලීම්/ | 31/– | 60/– | 57/– | 83/– |
මූලාශ්‍රය: CricketArchive, 24 December 2012 |
දිවියේ විශේෂ අවස්ථා
කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වූ ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එකතු වූයේ 1994 දීය. ඔහු ඔහුගේ අන්තර්ජාතික ක්‍රිකට් දිවියේ ප්‍රථම වසරේදීම නැපියර්හිදී නවසීලන්තයට එරෙහිව ටෙස්ට් ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට උදව් විය. එය ශ්‍රී ලංකා කණ්ඩායම මව් රටෙන් පිටදී ලබාගත් ප්‍රථම ටෙස්ට් ජයග්‍රහණය විය. එහිදී වාස් ප්‍රථම ඉණිමේදී 5 - 42 ද දෙවන ඉණිමේ දී 5 – 43 ද ලබා ගත්තේය.
2001 – 02 දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ජයගත් තරඟාවලියකදී ඔහු විසින් කඩුළු 26 ක් ලබා ගන්නා ලදී. මෙයට එක් තරඟයකදී ලබාගත් කඩුළු 14 ක් ද ඇතුළත් වේ. එවැනි දක්ෂතාවක් පෙන්වා තිබෙන්නේ උප මහාද්වීපයේ වේග පන්දු යවන්නන් දෙදෙනෙකු විසින් පමණි. අනෙක් තැනැත්තා වන්නේ ඉම්රාන් ඛාන්ය. ළඟදී ඔහුව ඇෆ්රො ඒෂියා කුසලානයට තෝරාගත් මුත් රටට වී තිබුණු පොරොන්දුවීම් මත එයින් ඉවත් විය.
2007 ජුනි 26 ඔහු ඔහුගේ ප්‍රථම ටෙස්ට් ශතකය බංග්ලාදේශයට එරෙහිව කොළඹදී වාර්තා කරන ලදී. එහිදී ඔහු නොදැවී එම ලකුණු 100 රැස් කළ අතර එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම 577 – 6 ක්ම තිබියදී ඉණිම අත්හිටුවීය.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය