ක්ලියෝපැට්රා I සයිරා (ග්‍රීක: Κλεοπάτρα Σύρα; ක්‍රි.පූ. 204 පමණ - 176) යනුවෙන් හැඳන්වෙන්නේ කුමරියකි. විවාහයෙන් පසුව ඇය ටොලමියානු ඊජිප්තුවේ රැජින බවට පත්වූවා ය.
ක්ලියෝපැට්රා I සයිරා | |
---|---|
ඊජිප්තුවේ රැජින | |
උපත | ක්‍රි.පූ. 204 පමණ |
මරණය | ක්‍රි.පූ. 176 හෝ ක්‍රි.පූ. 178/177 |
වල්ලභයා | ඊජිප්තුවේ Vවන ටොලමි |
දරුවන් | ඊජිප්තුවේ VIවන ටොලමි, ටොලමි VIII ෆිස්කන් සහ ඊජිප්තුවේ IIවන ක්ලියෝපැට්රා |
රාජවංශය | ටොලමියානු |
පියා | |
මව |
පවුල
Iවන ක්ලියෝපැට්රා, සෙලියුකිඩ් අධිරාජ්‍යයේ රජු වූ ගේත් රැජිනගේත් දියණිය වූවා ය. ක්‍රි.පූ. 193දී ඇය ඊපිප්තුවේ රජු වූ Vවන ටොලමි සමග විවාහ වූවා ය. ඔවුනට අවම වශයෙන් දරුවන් තිදෙනකුවත් සිට ඇත. එම දරුවන් නම්:
- VIවන ටොලමි; ක්‍රි.පූ. 186දී උපන්නේ ය.
- IIවන ක්ලියෝපැට්රා; ක්‍රි.පූ. 187 – 185 අවට කාලයේ උපත ලබන්නට ඇත.
- VIIIවන ටොලමි; ක්‍රි.පූ. 184 අවට උපන්නේ ය.
චරිතාපදානය
ක්‍රි.පූ. 197දී IIIවන ඇන්ටියෝකස් විසින් මුලින් ඊජිප්තුවේ ටොලමියානු රාජධානිය යටතේ පැවති නගර කිහිපයක් අල්ලා ගත්තේ ය. ක්‍රි.පූ. 196දී සෙලියුකිඩ් රජු සමග ලිසිමේකියාවේ ධී පැවති සාකච්ඡාවකින් පසු රෝමවරු ඊජිප්තුවට සහාය දැක්වූහ. එයට ප්‍රතිචාරයක් ලෙස Vවන ටොලමි සමග සාමදාන වීමට සිතූ IIIවන ඇන්ටියෝකස් සිය දියණිය වූ Iවන ක්ලියෝපැට්රාව Vවන ටොලමිට විවාහ කරදුන්නේ ය. ක්‍රි.පූ. 195දී ඔවුන් විවාහ ගිවිසගත් අතර, ක්‍රි.පූ. 193දී හි දී විවාහ මංගල්‍යය පැවැත්විණි. මේ වනවිට Vවන ටොලමි 16වන වියේ පමණ පසුවූ අතර, Iවන ක්ලයෝපැට්රාගේ වයස අවුරුදු 10ක් පමණ විය. පසුව, ටොලමියානු රජවරුන් පවසන්නට වූයේ Iවන ක්ලියෝපැට්රාගේ දෑවැද්ද ලෙස ප්‍රදේශය ලබාදුන් බැවින්, එම භූමිය නැවත ඊජිප්තුවට අයත් විය යුතු බවයි. නමුත් මේ පිළිබඳ තොරතුරු පැහැදිළි නැත. කෙසේනමුත්, ප්‍රායෝගිකව, ක්‍රි.පූ. පසු කොයිලි-සිරියා ප්‍රදේශය සෙලියුකිඩ් භාරකාරීත්වය යටතේ පැවතිණි.
තුළ Iවන ක්ලියෝපැට්රාව හඳුන්වන ලද්දේ සිරියානුවා යන නාමයෙනි. ටොලමියානු වන්දනාව අනුව ඇයට ඇගේ සැමියා සමග තියොයි එපිෆේන්ස් යන නාමයෙන් ගෞරව කෙරිණි. පුරාතන ඊජිප්තු සම්ප්රදාය අනුව, ඇයව Vවන ටොලමිගේ ඇඩෙල්ෆ් (=සොයුරිය) ලෙස ද හැඳින්විණි. ක්‍රි.පූ. 185දී හි පැවති පූජක සභාවක දී, ක්‍රි.පූ. 196දී Vවන ටොලමි ලද ගෞරව නාමයන් සියල්ල (රොසෙටා පාෂාණයේ ලියා තිබේ) ඔහුගේ භාර්යාවට ප්රදානය කෙරිණි.
ක්‍රි.පූ. 187දී, Iවන ක්ලියෝපැට්රා අමාත්‍යවරියක ලෙස පත්කෙරුණු අතර, ක්‍රි.පූ. 180දී ඇගේ සැමියාගේ මරණින් පසු ඇය සිය ලාබාල පුතු වූ VIවන ටොලමි වෙනුවෙන් රාජ්‍ය පානය මෙහෙයවූවා ය. ඊජිප්තුවේ තනි පාලකයා බවට පත් පළමු ටොලමියානු රැජින ඇයයි. මේ බව නිගමනය කළ හැක්කේ ක්‍රි.පූ. 179 සිට 176 දක්වා ලියැවුණු පැපිරසයන්හි සඳහන් සූත්‍ර අනුවයි. මේවායේ Iවන ක්ලියෝපැට්රාව තියා එපිෆේන්ස්ලෙස හඳුන්වා ඇති අතර, ඇගේ නාමය ඇගේ පුත්‍රයාගේ නාමයට ඉදිරියෙන් ලියා ඇත. ඇය විසින් ඇගේම කාසි නිකුත් කළ අතර, ඒවායේ ඇගේ නාමය ඇගේ පුතුගේ නාමයට ඉදිරියෙන් වේ.
2010 ජූනි 22වන දින, පුරාවිද්‍යාඥයින් විසින් ඇගේ රුව දරන රන් කාසියක් ලෙබනන් දේශසීමාව අසල ඊශ්‍රායලයේ ප්‍රදේශයෙන් සොයාගන්නා ලදී. එය මෙතෙක් ඊශ්‍රායලයෙන් හමුවූ වඩාත් බරැති සහ වටිනාකමින් වැඩිම රන් කාසිය වේ.
සිය මරණයට මඳ කලකට පෙර Vවන ටොලමි සෙලියුකිඩ් රාජධානියට එරෙහිව යුද්ධයක් ඇරඹීමට සැලසුම් කළේ ය. නමුත් Iවන ක්ලියෝපැට්රා රාජ්‍ය පාලකයා බවට පත්වීමත් සමග, ඇය වහාම සිය සොයුරා වූ ට එරෙහි යුධ ප්‍රකාශය නැවැත්වූවා ය. ක්‍රි.පූ. 176 අවට දී Iවන ක්ලියෝපැට්රා මියගියා ය.
පෙළපත
සටහන්
- වර්නර් හබ්, Ägypten in hellenistischer Zeit (හෙලනිස්තික සමයේ ඊජිප්තුව). මියුනික් 2001, පි. 540
- ක්ලියෝපැට්රා I ක්‍රිස් බෙනට් විසිනි
- ඒඩන් ඩොඩ්සන්, ඩියෑන් හිල්ටන්, ද කම්ප්ලීට් රෝයල් ෆැමිලීස් ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්, 2004
- ක්ලියෝපැට්රා I ක්‍රිස් බෙනට් විසිනි
- 18.51.10 සහ 28.20.9; 33.40.3 සහ 35.13.4; , සිරියාකා 3.13 සහ 5.18
- පොලිබියස් 28.1.2-3 සහ 28.20.6-10; , 12.154-155; ඒපියන්, සිරියාකා 5.18
- ඒපියන්, සිරියාකා 5.18
- ඊශ්‍රායල් ෆයින්ඩ් රෙයාර් 2,200-ඉයර්-ඕල්ඩ් ගෝල්ඩ් කොයින්[]. සම්ප්‍රවේෂණය 11 අගෝස්තු 2010.
- , සමග විවාහ වීමට පෙර, පොන්ටස්හි කුමරියක වූවා ය. ඇයට ඉහත පරිදි අමතන ලදී.
ක්ලියෝපැට්රා I සයිරා උපත: ක්‍රි.පූ. 204 මරණය: ක්‍රි.පූ. 176 | ||
පූර්වප්‍රාප්තිකයා ටොලමි V | ටොලමියානු රාජවංශය ක්‍රි.පූ. 193–176 ටොලමි V සහ ටොලමි VI සමග | අනුප්‍රාප්තික ටොලමි VI ෆිලොමීටර් |
මූලාශ්‍ර
- ස්ටැහෙලින්, Kleopatra 14). තුළ: , වෙළු. XI 1, 1921, col. 738-740.
- වර්නර් හබ්, Ägypten in hellenistischer Zeit (හෙලනිස්තික යුගයේ ඊජිප්තුව). මියුනික් 2001, p. 499; 514f.; 535; 537-540.
- ගන්තර් හෝල්බ්ල්, Geschichte des Ptolemäerreichs (ටොලමියානු අධිරාජ්‍යයේ ඉතිහාසය). ඩාර්ම්ස්ටැඩ්ට් 1994, p. 125; 127f.; 147f.; 153.