ඉරාකයේ නිල නාමය 'ඉරාක ජනරජය' යන්නය. ඉරාකය 'සක්රොස්' (Zaqros) කඳු පෙලෙහි වයඹ දිග කෙළවරෙහි වැඩි ප්‍රදේශයක් පුරා විහිදී පවත්නා බටහිර ආසියාවට ද, සිරියානු කාන්තාරයේ නැගෙනහිර කොටසට ද, අරාබියානු කාන්තාරයේ උතුරු දිග කොටසට ද විහිදී පවත්නා රටක් වෙයි.
Republic of Iraq جمهورية العراق Ǧumhūriyyat al-ʿIrāq كؤماری عێراق Komara Îraqê | |
---|---|
![]() කොඩිය Coat of arms | |
ජාතික ගීය: موطني (My Homeland) | |
![]() | |
අගනුවර | බැග්ඩෑඩ් |
විශාලතම නගරය | අග නගරය |
නිල භාෂා(ව) | Arabic, |
Iraqi | |
රජය | |
• | |
• | |
• from the | 1919 |
• from the United Kingdom | 1932 |
• | 1958 |
• | 2005 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 438,317 km2 (169,235 sq mi) (50th) |
• ජලය (%) | 1.1 |
ජනගහණය | |
• 2011 ඇස්තමේන්තුව | 34,322,000 () |
• ඝණත්වය | 73.5/km2 (190.4/sq mi) () |
දදේනි (ක්‍රශසා) | 2010 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $113.366 billion |
• ඒක පුද්ගල | $3,537 |
දදේනි (නාමික) | 2010 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $82.150 billion |
• ඒක පුද්ගල | $2,563 |
ව්‍යවහාර මුදල | () |
වේලා කලාපය | UTC+3 (GMT+3) |
• ගිම්හාන () | UTC+3 (not observed) |
right | |
ඇමතුම් කේතය | |
ඉරාකයට අයත් දේශසීමාවන්
බටහිරින් ජෝර්දානය, වයඹට සිරියාව, උතුරට තුර්කිය, නැගෙනහිරට ඉරානය (කුර්ඩිස්ටාන්) සහ කුවේටය, දකුණට සවුදි ආරාබිය, යනුවෙනි. උතුරු පර්සියානු බොක්කෙහි කි.මී. 58 ක් දිග (සැතපුම් 35) පටු වෙරළ තීරයක් ද ඉරාකය සතුය. අගනුවර වන බැග්ඩෑඩ් නුවර පිහිටා ඇත්තේ රටෙහි නැගෙනහිර මැද කොටසෙහිය.
වයඹ දිග සිට ගිණිකොන දක්වා ගලා බස්නා මහා ගංගා දෙක වන යුප්‍රටීස් හා ටයිග්‍රීස් රට මැදින් ගලා යයි. බටහිර ආසියාවේ වැඩි කොටසක් ආවරණය කෙරෙන තණබිම් සහ කාන්තාර බිම් දසුන් හා සැසඳෙන මෙම ගංගා දෙක හේතුකොට ගෙන කෘෂිකර්මාන්තයට අනගි වූ ඉඩම් ඉරාකයට උරුම වී තිබේ.
ඵෙතිහාසිකව සලකා බැලීමේ දී ඉරාකය ඇතුලත් වන ප්‍රාන්තයේ ග්‍රීක ටොපෝනියම් (Land Toponym) නාමය වනුයේ 'මෙසපොතේමියාව' (Land between rivers) යන්නය. ක්‍රිස්තු වර්ෂයට පෙර එනම් ක්‍රි.පූ. 6 වන සහශ්‍රයේ සිට අඛණ්ඩව අනුක්‍රමික සභ්‍යත්වයකට ඉරාකය නිවහනව තිබිණි. ටයිග්‍රීස් හා යුප්‍රටීස් ගංගා අතර ප්‍රදේශය හඳුන්වනු ලබන්නේ 'සභ්‍යත්වයේ සමාරම්භය' සහ 'ලේඛනයේ' හා 'රෝදයේ' උපන් බිම යනුවෙන්ය.
එහි දිගු ඉතිහාසය පුරාම ඉරාකය, ආකේඩියන්, ඇසිරියන්, බැබිලෝනියන්, හෙලනිස්ට්ක්, පාතියන් සසනිඩ් සහ ඇබසිඩ් අධිරාජ්‍ය හා ආකිමිනිඩ්, රෂිඩුන්, උමයියාද්, මොනෝගල්. සෆාව්ඩ්, ඔටෝමන්, බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය යනාදියෙහි මධ්‍යස්ථානයව තිබිණි. ඉරාක රාජධානිය පිහිටුවන ලද්දේ වර්ෂ 1932 දීය.
2003 ආක්රමණයත් සමඟ ඉරාකය, බහුජාතික( ප්‍රධාන වශයෙන් ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍ය ඇතුලත්) හමුදා සංවිධාන විසින් බලෙන් අල්වා ගන්නා ලදි.
2004 ජුනි මස ඉරාකයේ ස්වෛරීයත්වය අතුරු ආණ්ඩුවකට මාරු කරන ලදි. අනතුරුව ජනමත විචාරණයක් හරහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගන්නා ලද අතර, මැතිවරණයෙන් නව රජයක් තෝරා පත්කර ගන්නා ලදි. 2010 මාර්තු වන විට රට තුළ රැදී සිටි ඇමෙරිකන් භට සංඛ්‍යාව 96,000 කි. ඇමෙරිකන් හමුදා සේනාංක සම්පූර්ණයෙන් ඉවත් කර ගැනීමේ අවසාන දිනයක් නියම කර තිබේ. එය නම් 2011 දෙසැම්බර් 31 වන දිනය.
References
- "Iraq". International Monetary Fund. සම්ප්‍රවේශය 2011-04-21.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය