ඉන්දිරා ප්‍රියදර්ශනී ගාන්ධි (හින්දි: इंदिरा प्रियदर्शिनी गांधी Indirā Priyadarśinī Gāndhī අසන්න (·විස්තර); 19 නොවැම්බර් 1917 – 31 ඔක්තොම්බර් 1984) යනු ඉන්දියාවේ ලෙසින් පිටපිට තුන්වතාවක් (1966–77) සහ සතරවන වතාවට (1980–84) සේවය කළ ඉන්දියානු දේශපාලනඥයෙකි. ඇය විසිනි. අගමැති තනතුර දැරූ දෙවන කාන්තාව ගාන්ධි වූ අතර ( ශ්‍රී ලංකාවේ සිරිමාවෝ බණ්ඩාරනායකට පසුව ) 2011 වන විටද ලෝකයේ දෙවන වැඩිම කාලයක් ධූරය දැරූ කාන්තා අගමැතිනිය ඇය වන්නීය.
![]() | |
තනතුර දරමින් 14 ජනවාරි 1980 – 31 ඔක්තොම්බර් 1984 | |
ජනාධිපතිවරයා | |
පූර්වප්‍රාප්තිකයා | |
අනුප්‍රාප්තිකයා | රජීව් ගාන්ධි |
තනතුර දරමින් 24 ජනවාරි 1966 – 24 මාර්තු 1977 | |
ජනාධිපතිවරයා | (වැඩබලන) (වැඩබලන) (වැඩබලන) |
Deputy | |
පූර්වප්‍රාප්තිකයා | (වැඩබලන) |
අනුප්‍රාප්තිකයා | |
තනතුර දරමින් 9 මාර්තු 1984 – 31 ඔක්තොම්බර් 1984 | |
පූර්වප්‍රාප්තිකයා | |
අනුප්‍රාප්තිකයා | රජීව් ගාන්ධි |
තනතුර දරමින් 22 අගෝස්තු 1967 – 14 මාර්තු 1969 | |
පූර්වප්‍රාප්තිකයා | |
අනුප්‍රාප්තිකයා | |
තනතුර දරමින් 14 ජනවාරි 1980 – 15 ජනවාරි 1982 | |
පූර්වප්‍රාප්තිකයා | |
අනුප්‍රාප්තිකයා | |
තනතුර දරමින් 30 නොවැම්බර් 1975 – 20 දෙසැම්බර් 1975 | |
පූර්වප්‍රාප්තිකයා | |
අනුප්‍රාප්තිකයා | |
තනතුර දරමින් 27 ජූනි 1970 – 4 පෙබරවාරි 1973 | |
පූර්වප්‍රාප්තිකයා | |
අනුප්‍රාප්තිකයා | |
තනතුර දරමින් 16 ජූලි 1969 – 27 ජූනි1970 | |
පූර්වප්‍රාප්තිකයා | |
අනුප්‍රාප්තිකයා | |
පුද්ගලික තොරතුරු | |
උපත | 19 නොවැම්බර් 1917 , , |
විපත | 31 ඔක්තොම්බර් 1984 නව දිල්ලිය, ඉන්දියාව | (වයස 66)
දේශපාලන පක්ෂය | ඉන්දියානු ජාතික කොංග්‍රසය |
කලත්‍රයා | |
Relations | (පියා) (මව) |
දරුවන් | රජීව් |
අත්සන | |
1917 නොවැම්බර් මස 19 වන දින උපත ලැබූ ඉන්දිරා ගාන්ධි 1966 සිට 1977 දක්වා පිට පිට වාර තුනක් ඉන්දියානු අගමැතිවරිය වශයෙන් තේරී පත් වුණු අතර නැවත 1980 දී හතරවන වරටත් අගමැතිවිය. එතැන් සිට 1984 දී ඝාතනයට ලක්වන තුරුම ඇය ඉන්දියාවේ අගමැති ධූරය හෙබ වූවාය. ඇය මෙතෙක් ඉන්දියාවේ අගමැති ධූරයට පත් වූ එකම කාන්තාව විය.
දේශපාලන බල පුළුවන්කාරකම් සහිත නේරු රාජ වංශයේ පවුලක උපත ලැබූ ඇය තද බල දේශපාලන වාතාරවරණයක් යටතේ හැදී වැඩුනාය. ඇගේ සීයා වන මොටිලාල් නේරු විශිෂ්ට ගණයේ ඉන්දියානු ජාතික නායකයෙක් විය. ඇගේ පියා වූ ජවහර්ලාල් නේරු, ඉන්දියානු සටනේ ප්‍රධානත්වය ගෙන කටයුතු කළ අයෙක් විය. එමෙන්ම ඔහු නිදහස් ඉන්දියාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා ද විය. 1941 ඔක්ස්ෆර්ඩ් සිට නැවත තම මව් රටට පැමිණීමත් සමඟ ඉන්දිරා ගාන්ධිතුමිය ඉන්දියානු නිදහස් සටනට අවතීර්ණ විය.
1950 වර්ෂයේ දී ඇය අනියම් සේවකයෙකු වශයෙන් තම පියා යටතේ පුද්ගලික සහායකවරියක ලෙස සේවය කළේ අගමැතිවරිය වශයෙන් නිල දරන කාල වකවානුවේදීමය. 1964 ජවහර්ලාල් නේරුතුමාගේ මරණයෙන් පසුව ඇයි රාජ්‍ය සභා සාමාජිකවරියක වශයෙන් එවකට ජනාධිපති විසින් තෝරා පත් කරන ලදී. එමෙන්ම ඇය ලාල් බහාදුරු සාස්ත්‍රිගේ කැබිනට් මණ්ඩලයේ තොරතුරු හා ප්‍රචාරණ ඇමතිවරිය වශයෙන් ද සේවය කළාය.
සාස්ත්‍රිගේ හදිසි මරණයෙන් පසුව ඉන්දිරා ගාන්ධි තුමියට අගමැතිවරිය වශයෙන් තේරී පත්වීමට එවකට කොංග්රස් පක්ෂයේ ජනපති කේ.කමරාජ් මහත් සේ උපකාරී විය. ඇය ඉතා ඉක්මනින් ඡන්ද ජයග්‍රහණ ලබා ගනිමින් හා විරුද්ධාවාදීන්ව ජනතාවාදය හරහා උපායෙන් පරදවමින් තම දක්ෂතා දක්වන්නට විය. ඇය විසින් බහුතරයක් වාමාංශික ආර්ථික ප්‍රතිපත්ති හා දියුණු කෘෂිකාර්මික ඵලදා වර්ධන ක්‍රම හඳුන්වා දෙන ලදී. 1971 දී ඇති වූ පාකිස්ථාන යුද්ධය මර්ධනාකාරී ලෙස ජයග්‍රහණය කළ ද එය අස්ථාවර කාල වකවානුවක් ඇති කිරීමට පාදක වුණි. තවද ඒ නිසා 1975 දී හදිසි තත්වයක් පැනවීමට ද සිදු වුණි. විරුද්ධ පක්ෂයේ ගත කළ තෙවසර තුළ ඇයට ඒකාධිපතිවාදීන් සඳහා විශාල වශයෙන් ගෙවීම් සිදු කරන්නට විය. 1980 දී නැවත බලයට පත්වීමත් සමඟ ඇය විශාල වශයෙන් පන්ජාබ් බෙදුම්වාදීන් සමඟ වූ සටන් තර කිරීමට පටන් ගත් අතර පසුව එයට ක්‍රම ක්‍රමයෙන් ඇයගේ ඝාතනයට හේතු විය. 1984 ඉන්දිරා ගාන්ධි තුමිය ස්වකීය ආරක්ෂක නිළධාරියා අතින් මරුමුවට පත් විය.