මෙහි දැක්වෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පිළිබඳවයි.
අනෙකුත් භාවිත සඳහා බලන්න.
![]() අයිසීසී නිල ලාංඡනය | |
සංක්ෂිප්තය | අයිසීසී |
---|---|
ආදර්ශ පාඨය | චැම්පියනින්ග් වර්ල්ඩ් ක්‍රිකට් |
පූර්වප්‍රාප්තිකයා | අධිරාජ්‍යවාදී ක්‍රිකට් සම්මේලනය (1909-65) ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය (1965-89) |
සංස්ථාපනය | 15 ජුනි 1909 |
වර්ගය | |
මූලස්ථානය | ඩුබායි, එක්සත් අරාබි එමීර් රාජ්‍යය |
Membership | |
නිල භාෂාව | ඉංග්‍රීසි |
CEO | |
වෙබ් අඩවිය | icc-cricket.com/ |
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පිහිටවූයේ 1909 ජුනි 15 දිනයි. මෙහි ප්‍රධාන කාර්යාලය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි පිහිටා ඇත. ක්‍රිකට් ක්‍රීඩාවේ සියලුම පාලන කටයුතු සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පිහිටුවීය. එය 1909 දී මුලින් පිහිටුවනු ලැබුවේ අධිරාජ්‍යවාදී ක්‍රිකට් සම්මේලනය යනුවෙනි. එහි නියෝජිතයන් වූයේ එංගලන්තය, ඕස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාවයි. 1965 දී එය ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය නමින් නැවත නම් කෙරුණි. වර්තමාන නාමය එයට හිමි වූයේ 1989 දීය.
දැනට රටවල් 105ක් සාමාජිකත්වය ලබා ඇති අතර සාමාජික කණ්ඩායම් 12 ක් නිළ ටෙස්ට් තරඟ ක්‍රීඩා කරන අතර අනුබද්ධිත කණ්ඩායම් 92 ක් ද මෙම සාමාජිකත්වයට අයත් වේ. මෙම ආයතනය අන්තර්ජාතික ක්‍රිකට් තරඟ සංවිධානය හා පාලනය කිරීමෙහි ලා මූලික වන අතර විශේෂයෙන්ම ලෝක කුසලානය සංවිධානය කිරීමේ භාරධූර කාර්යය ඉටු කරනු ලබයි. එලෙසම එක්දින තරඟ හා පන්දුවාර 20 අන්තර්ජාතික ක්‍රිකට් තරඟ සඳහා විනිසුරුවන් හා පුහුණුකරුවන් පත් කිරීම ද සිදු කරනු ලබයි. එපමණක් නොව ප්‍රධාන වගකීම් අතර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නීති රීති මාලාව නිසියාකාරව පවත්වාගෙන යාමක් තරඟාවලියේ දූෂණ අවස්ථාවන්හිදී දූෂණ විරෝධී හා ආරක්ෂා ඒකකයට අන්තර් ග්රහණවත් සම්බන්ධීකරණ කටයුතු සිදුකිරීමත් වෙයි.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ හිටපු සභාපති මහතා 2015 වසරේ දී අස්වීමෙන් පසු සභාපති ලෙස මහතා පත්කර ඇත.
ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්
ටෙස්ට් ශ්‍රේණිගතකිරීම
අයිසීසී ටෙස්ට් ශ්‍රේණිගතකිරීම | |||||
---|---|---|---|---|---|
ස්ථානය | කණ්ඩායම | සහභාගී වූ තරග | ප්‍රසාද ලකුණු | ශ්‍රේණිගතය | |
1 | ![]() | 44 | 5,313 | 121 | |
2 | ![]() | 39 | 4,484 | 115 | |
3 | ![]() | 40 | 4,174 | 104 | |
4 | ![]() | 35 | 3,489 | 100 | |
5 | ![]() | 49 | 4,829 | 99 | |
6 | ![]() | 46 | 4,374 | 95 | |
7 | ![]() | 34 | 2,988 | 88 | |
8 | ![]() | 36 | 2,606 | 72 | |
9 | ![]() | 26 | 1,833 | 71 | |
10 | ![]() | 14 | 12 | 1 | |
මුලාශ්‍රය: icc-cricket.com |
එක්දින ජාත්‍යන්තර ශ්‍රේණිගතකිරීම
අයිසීසී එක්දින ශ්‍රේණිගතකිරීම | |||||
---|---|---|---|---|---|
ස්ථානය | කණ්ඩායම | සහභාගී වූ තරග | ප්‍රසාද ලකුණු | ශ්‍රේණිගතය | |
1 | ![]() | 38 | 4,659 | 123 | |
2 | ![]() | 47 | 5,669 | 121 | |
3 | ![]() | 39 | 4,488 | 115 | |
4 | ![]() | 33 | 3,729 | 113 | |
5 | ![]() | 40 | 4,342 | 109 | |
6 | ![]() | 37 | 3,552 | 96 | |
7 | ![]() | 31 | 2,667 | 86 | |
8 | ![]() | 34 | 2,719 | 80 | |
9 | ![]() | 43 | 3,266 | 76 | |
10 | ![]() | 28 | 1,780 | 64 | |
11 | ![]() | 30 | 1,609 | 54 | |
12 | ![]() | 20 | 921 | 46 | |
13 | ![]() | 9 | 359 | 40 | |
14 | ![]() | 8 | 152 | 19 | |
15 | ![]() | 15 | 144 | 10 | |
16 | ![]() | 9 | 50 | 6 | |
Matches is the number of matches played in the 12-24 months since the May before last, plus half the number in the 24 months before that. See for more details. | |||||
Reference: Cricinfo Rankings page,ICC ODI rankings 3 May 2019 |
විස්සයි විස්ස ජාත්‍යන්තර ශ්‍රේණිගතකිරීම
අයිසීසී විස්සයි20 ශ්‍රේණිගතකිරීම | |||||
---|---|---|---|---|---|
ස්ථානය | කණ්ඩායම | සහභාගී වූ තරග | ප්‍රසාද ලකුණු | ශ්‍රේණිගතය | |
1 | ![]() | 26 | 3,272 | 126 | |
2 | ![]() | 19 | 2,345 | 123 | |
3 | ![]() | 29 | 3,547 | 122 | |
4 | ![]() | 25 | 2,940 | 118 | |
5 | ![]() | 22 | 2,538 | 115 | |
6 | ![]() | 21 | 2,402 | 114 | |
7 | ![]() | 21 | 2,309 | 110 | |
8 | ![]() | 29 | 2,635 | 91 | |
9 | ![]() | 27 | 2,385 | 88 | |
10 | ![]() | 19 | 1,367 | 72 | |
11 | ![]() | 11 | 737 | 67 | |
12 | ![]() | 15 | 915 | 61 | |
13 | ![]() | 16 | 827 | 52 | |
14 | ![]() | 9 | 441 | 49 | |
15 | ![]() | 13 | 599 | 46 | |
16 | ![]() | 6 | 235 | 39 | |
17 | ![]() | 9 | 345 | 38 | |
18 | ![]() | 15 | 534 | 36 | |
මුලාශ්‍රය: icc-cricket.com |
ඉතිහාසය
1909 ජුනි 15 වන දින එංගලන්තය, ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව නියෝජනය කරමින් එහි නියෝජිතයන්ගේ හමුවක් දී පවත්වා ආරම්භ කරන ලදී. තුළ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන ක්‍රිකට් පාලක මණ්ඩලවලට පමණක් සාමාජිකත්වය සීමා කරන ලදී. 1926 දී ඉන්දියාව, නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් පූර්ණ කාලීන සාමාජිකයින් ලෙස පත් කරන ලදී. එමඟින් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් ගණන දෙගුණයක් එනම් හයක් බවට පත්විණි. 1947 පිහිටුවීමෙන් පසු එයට 1953 දී ටෙස්ට් තත්වය දෙන ලදී. එමඟින් එය හත් වන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රට බවට පත්විය. දකුණු අප්‍රිකාව 1961 දී අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා අස්වූයේ නොසැලකිලිභාවය නිසාය. 1965 දී ලෙස නැවත නම් කරන ලද අතර අළුත් නීති සකස් කරන ලද්දේ ට අයත් නොවන රටවල්වලට එම සංවිධානයට පත්වීමට අවස්ථාව සලසා දීම සඳහාය. මෙය සම්මේලනයේ වර බලපාන ලදී. මෙහි සාමාජිකත්වය ඇතුළු වීමත් සමඟ , සාමාජිකත්වය ලබා ගන්නා රටවල්වලට එක් ඡන්දයක හිමිකම ලැබුණත් , සම්පූර්ණ සාමාජිකත්වය සහ මුල් සාමාජිකයින්ට ඡන්ද දෙකක අයිතිය ලබා දෙමිනි. මුල් සාමාජිකයින් ඡන්දයේ හිමිකාරීත්වයට පත්විය. 1981 දී ශ්‍රී ලංකාව පූර්ණ සාමාජිකත්වයට පත්වීමත් සමඟ ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් ගණන නැවත හතක් බවට පත්විය. 1989 දී නව නීති සම්පාදනය කරන යන නම අද පවතින නම වන ලෙස නැවත වෙනස් කරන ලදී. 1991 දී දකුණු අප්‍රිකාව නොසලකා හරින ලද තත්වය අතහැර, එයට සම්පූර්ණ සාමාජිකත්වය ලබා දී නැවත සංවිධානයට බඳවා ගන්නා ලදී. ඉන්පසුව 1992 දී සිම්බාබ්වේ ඇතුළත් වීමත් සමඟ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන ජාතීන් සංඛ්‍යාව නවය බවට පත්විය. 2000 දී බංග්ලාදේශය 10 වන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන කන්ඩායම වශයෙන් ඇතුළත් වෙන ලදී. ඉන්පසුව 2017 වසරේදී අයර්ලන්තය සහ ඇෆ්ගනිස්තානය ඇතුළත් වීමත් සමඟ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන ජාතීන් සංඛ්‍යාව දොළහ බවට පත්විය.
මූලස්ථානය
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgzTHpjekwwbERRMTlFZFdKaGFWOHhMbXB3Wnk4eU1qQndlQzFKUTBOZlJIVmlZV2xmTVM1cWNHYz0uanBn.jpg)
එය සැදුමෙහි සිටම අයිසීසීය එහි නිවහන ලෙසින් භාවිතා කලේ වන අතර, 1993 සිට එහි කාර්යාල පිහිටුවා ගත්තේ ක්‍රීඩාංගනයෙහි නර්සරි අන්තයෙහි "ක්ලොක් ටවර්" ගොඩනැගිල්ලෙහිය. කෙසේ වුවත්, ICC හි වාණිජමය අංශය ප්‍රමුඛතාවයට පත්වීමත් සමඟ ඇතිවූ බදු බර අඩු කිරීමට එහි කළමණාකාරීත්වය මං සොයන ලදී. මෙහි ප්‍රතිඵලයක් වූයේ වසර 2001 දී හි කාර්යාලයක් ස්ථාපිත කිරීමත්, ICC හි සියලුම වාණිජ සේවකයන් එහි ස්ථානගත කිරීමත්ය. මෙමඟින් බලාපොරොත්තු වූ පරිදි බදු බර ඉවත් කරගත හැකිවුවද, හි රැඳි සිටි පරිපාලකයන් හා ඔවුන්ගේ වාණිජ සගයන් අතර දුරස් වීමක් ඇතිවිය. මේ නිසා කවුන්සිලය තම සියලු නිලධාරීන් එකට එකතු කිරීමේ හා බදු බර ඉවත් කිරීමේ ක්‍රමයක් සොයන ලදී.
විකල්පයක් ලෙස ICC කාර්ය මණ්ඩලය ලෝඩ්ස්හි රැඳවීමට විමර්ශනයට ලක්කරන්නේ ඉන් පසුවයි. ඒ සඳහා "ක්‍රීඩා එංගලන්ත" (Sport England) හරහා බ්‍රිතාන්‍යය ආණ්ඩුවට ඉල්ලීමක් ඉදිරිපත් කරන ලදී. තවද, බ්‍රිතාන්‍යය බදු සංස්ථාවෙන් බදු බර ඉවත් කරන ලෙස ද ඉල්ලීමක් කරන ලදී.නමුත් බ්‍රිතාන්‍යය ආණ්ඩුව මෙම ඉල්ලීමට එකඟ නොවීය. මේ හේතුව නිසා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) වෙනත් ස්ථාන කිහිපයකද යෝග්‍යයතාවය පරික්ෂා කළ අතර, අවසානයේ දී එක්සත් අරාබි එමීර්හි ඩුබායි නගරය තෝරා ගන්නා ලදි. වසර 2005 දී ICC ය සිය සියලු ලෝඩ්ස් හා මොනෑකො හි කාර්යාල ඩුබායිහි ස්ථාපිත කරන ලදී. මෙම තීරණය ගන්නා ලද්දේ ICC කාරක සභා ඡන්දයකිනි. තීරණයට පක්ෂව 11-1 ක ඡන්ද ප්‍රතිඵලයක් හිමිවිය.
මෙම තීරණයට බලපෑ තවත් කරුණක් වන්නේ ක්‍රිකට් සීඝ්රයෙන් පැතිරෙන දකුණු ආසියාවට සමීපයට මෙම කාර්යාල ගෙනයාමයි. මේ තාක් දුරට න්‍යායානුකූල වශයෙන් කේන්ද්‍රය බවට පත්ව තිබුණේ ය. මෙම යුගයේ ICC ය පරිපාලනයට බඳුන් වූයේ MCC ආයතනය මඟිනි. (මෙම තත්වය 1993 දක්වා පවතින ලදී). නමුත් ඉන්දියාව, පකිස්ථානය හා ශ්‍රී ලංකාව වැනි රටවල වැඩිවන ක්‍රිකට් ශක්තිය නිසා බ්‍රිතාන්‍යයේ පුද්ගලික ක්‍රිඩා සමාජයක් වන MCC යට අන්තර්ජාතික මට්ටමින් ක්‍රිකට් පවත්වාගෙන යාම අපහසු විය. මෙම වෙනස්කම් හා ප්‍රතිසංස්කරණ වලින් ලද සෘජු ප්‍රතිඵලයක් වූයේ ICC වලින් බැහැර වඩා මධ්‍යස්ථ ස්ථානයකට රැගෙන යාමයි.
නීති රීති
අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය මඟින් ක්‍රීඩාවේ තත්වය, පන්දු යැවීම සලකා බැලීම යනාදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මඟින් පනවා ඇති නීති පිළිබඳ සලකා බැලීම සිදු කරයි. අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයට ක්‍රිකට් නීති උපුටා ගැනීමට අයිතියක් නැත. ඒ සඳහා ක්‍රියා කළ හැකි වන්නේ ප්‍රධාන ක්‍රිකට් (කවුන්සිලයටය) සභාවටයි. එසේ වුවද දැන් සාමාන්‍යයෙන් මෙය සිදු කරනු ලබන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ අන්තර් ජාතික පාලන අධිකාරිය වන අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය (සභාව) හා සාකච්ඡා කිරීමෙන් අනතුරුවය. අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයට පිලිපැදිය යුතු නීති මාලාවක් ඇත. ඒ සමඟම අන්තර්ජාතික තරඟවලට ක්‍රීඩා කරන තරඟ කණ්ඩායම් සහ ක්‍රීඩකයින් එකඟ විය යුතුය. මෙම නීති කඩ කිරීම නිසා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට දඩුවම් පැමිණවීම සිදු කළ හැක. සාමාන්‍යයෙන් මෙය දඩ මුදලක් අය කිරීම විය හැක. 2006 වසරේ දී ක්‍රීඩකයන්හට 27 වතාවක් මේ මඟින් දඩුවම් නියම කර ඇත.
විනිසුරුවන්
අන්තර්ජාතික විනිසුරුවරු සහ තරග විනිශ්චයකරු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අනුමත කළ ටෙස්ට් තරග, එක් දින තරග සහ විස්සයි20 තරග සඳහා පත් කරනු ලබයි.
වාණිජමය අවධානය
ICC ආයතනයට බලවත් වාණිජමය අවධානයක් ඇති අතර එහි මූලික වත්කම වු ක්‍රිකට් ලෝක කුසලානයේදී එහි සාමාජිකයන්ගේ උගය උපරිම කිරීමේ කාර්යය සිදුවෙයි. 2007 හා 2015 අතරතුරදී ලෝක කුසලානයේ අනුග්‍රාහකත්වය හා රූපවාහිනී වගකීම් ඇමරිකානු ඩෝලර් මිලියන 1.6 කට වඩා වැඩි ආදායමක් ගෙනදුන් අතර එය ICC ආයතනයේ ප්‍රධාන ආදායම් මාර්ගය විය. ICC ආයතනයට අනෙකුත් ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ වලින් ආදායම් මාර්ග නොමැත. (ටෙස්ට් තරඟ, එක්දින ජාත්‍යන්තර තරඟ හා පන්දුවාර 20 ක්‍රිකට් තරඟ) එයට එහි ලෝක කුසලාන ආදායම නගා සිටුවීම සදහා නව අවස්ථා නිර්මාණය කල යුතු වෙයි. 2005 වසරේ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා කරන ලද අයත් වෙයි. කෙසේ නමුත් මෙම විස්තිර්ණ කිරීම් ICC ආයතනය බලාපොරොත්තු වු තරම් සාර්ථක නොවීය. සුපර් සීරිස් තරඟා වලිය බොහෝ දුරට අසාර්ථක තරඟාවලියක් ලෙස දැක්වුණු අතර එය නැවත පැවැත්වීමට බලාපොරොත්තු නොවීය.
අනුබද්ධිත ආයතන
- (ACA) (සාමාජිකයන් 22යි)
- (ACC) (සාමාජිකයන් 25යි)
- (CCAM) (සාමාජිකයන් 17යි)
- (EAP) (සාමාජිකයන් 11යි)
- (ECC) (සාමාජිකයන් 34යි)
පවත්වන තරගාවලි
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මඟින් නොයෙකුත් පළමු පෙළ, එක්දින සහ විස්සයි20 තරගාවලි පවත්වයි.
වංචා වැළැක්වීම සහ ආරක්ෂාව
ඉහලම මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන් හා සම්බන්ධ අල්ලස් චෝදනා සහ මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට ද ICC ආයතනයට සිදු විය. නීත්‍යානුකූල සහ නීත්‍යානුකූල නොවන ඔට්ටු ඇල්ලීමේ ව්‍යාපාර හා සම්බන්ධ වූ ක්‍රිකට් ක්‍රීඩකයන් සම්බන්ධ වංචාවන් හේතුවෙන් 2000 වසරේ දී ICC ආයතනය මඟින් විශ්‍රාමලත් ලන්ඩන් මෙට්රාපොලිටන් පොලිස් කොමසාරිස් කොන්ඩන් ස්වාමිවරයා යටතේ වංචා වැළැක්වීම සහ ආරක්ෂාව සම්බන්ධ ඒකකයක් පිහිටුවන ලදී. මෙම ඒකකය මඟින් වාර්තාවන් සකස් කරන ලද අවස්ථාවන් අතරට දකුණු අප්‍රිකානු හිටපු නායක සම්බන්ධ වංචාව ද විය. එහි දී ඔහු ඉන්දියානු සූදුකරුවෙකු වෙතින් විශාල මුදල් ප්‍රමාණයක් ලබා ගෙන තිබුණේ නිශ්චිත තරඟයන්හි දී අඩු දක්ෂතා පෙන්වීම සඳහා හෝ ඇතැම් තරඟයන්හි ප්‍රතිඵලය කලින් එකඟ කරගත් එකක් හා අනුකූල කරවනු පිණිසයි. එසේම හිටපු ඉන්දියානු නායකයන් වූ සහ සම්බන්ධව ද පරීක්ෂණයන් සිදු කෙරෙනු අතර තරඟවල තීරණයන්ට බලපෑම් කිරීම සඳහා මුදල් ලබා ගැනීමේ චෝදනාවට ඔවුහු වරදකරුවන් බව තීරණය කෙරුණි. ඒ අනුව ඔවුන් දෙදෙනාට තරඟ තහනම් පනවන ලදී. (මොහොමඩ් අසරුදීන්හට ජීවිතාන්තය දක්වා වූ තරඟ තහනමක් ද අජේ ජඩේජාහට වසර 5ක තරඟ තහනමක් ද පනවන ලදී.) ICC ආයතනයේ වංචා වැළැක්වීම සහ ආරක්ෂාව සම්බන්ධ වර්තමානය වන විට ද ක්‍රියාත්මක වන අතර ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ වංචා හා විෂමතා හා සම්බන්ධ වාර්තාවන් පරීක්ෂා කිරීම එම ඒකකය මඟින් සිදු කෙරේ. තවද මෙම ඒකකය මඟින් ක්‍රීඩක විවේකාගාරය තුළ දී ජංගම දුරකතන භාවිතය වැළැක්වීම සඳහා වන නීති හඳුන්වා දීම වැනි පාලන කටයුතු ද සිදු කෙරේ.
2007 වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට ප්‍රථම ICC ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී විසින් වංචාවන්ට එරෙහිව දැඩි අනතුරු ඇඟවීමක් ප්‍රකාශයට පත් කළ අතර තම කවුන්සිලය ඒ හා සම්බන්ධව නිරතුරුව පරීක්ෂා කරන බවටත් වංචාකරුවන්ට කිසිදු සමාවක් නොදෙන බවටත් ප්‍රකාශ කරන ලදී.
මුලාශ්‍ර
- "Zaheer Abbas Appointed ICC President". . 25 June 2015. සම්ප්‍රවේශය 25 June 2015.
- "Outcomes from ICC Annual Conference week in London". ICC Conference 2013 announcement. සම්ප්‍රවේශය 29 June 2013.
- "Cricket chiefs move base to Dubai". BBC News. 7 March 2005.
- 2008: Penalties imposed on players for breaches of ICC Code of Conduct
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය